විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණයක්

මාස 18කදී විදෙස්ගත ශ්‍රමිකයන් රු. කෝටි 240,000ක් එවයි

මාස 18කදී විදෙස්ගත ශ්‍රමිකයන් රු. කෝටි 240,000ක් එවයි

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේදී දෙන තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1දා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව තමන් එවා ඇති මුදල් ප්‍රමාණය මත අතිරේක තීරු බදු සහන ලබා ගැනීමට ශ්‍රමිකයන්ට හැකියාව ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වන අතර ඩොලර් 2400ත්, 4799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකිය. ඩොලර් 4800ත් ඩොලර් 7199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් හිමි වන අතර, ඩොලර් 7200ත් ඩොලර් 11, 999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් හිමි වේ. ඩොලර් 12, 000ත් ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකියාව පවතී.

ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලබා ගැනීමට හැකියාව පවතී.

වසරක කාලයක් තුළ දී අදාළ මුදල් රටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබා ගැනීමේ අවස්ථාව විවෘතව පවතී. 2022 වසරේ මැයි පළමු වැනිදා සිට නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවූ ශ්‍රමිකයින් සඳහා මෙම සහනය ලබා ගැනීමට හැකියාව පවතින අතර, වසරක කාලයක් තුළ දී එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සලකා බලනු ලැබේ. මෙම තීරු බදු සහන ඉහළ නැංවීම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *