විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබඳව වන නීති සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබඳව වන නීති සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබඳව වන නීති සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබඳව වන නීති සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම විශේෂ ගැසට් නිවේදනයෙහි කාන්තා නීතිඥවරියකගේ ඇඳුම වෙනස් වන ආකාරය පිළිබඳ ඇතුළත් වනවා.

ඒ අනුව කාන්තා නීතිඥවරියකට ඇඳිය හැක්කේ,
(අ) සාරි සහ ජැකට් සුදු, කළු, සුදු, අළු හෝ මුඩු හෝ

(ආ) සුදු බ්ලවුස් සහ කළු කබාය සහ සපත්තු සහිත කළු කලිසම්; හෝ

(ඇ) සුදු බ්ලවුස් සහිත කළු සායක් සහ කළු කබාය සහ සපත්තු

(ආ) උප-රීති (1) හි (ඇ) ඡේදයේ සඳහන් සායේ දිග වාඩි වී සිටින විට දණහිසට පහළින් වැටිය යුතුය.

(ඇ) උප-රීති (1) හි (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් කර ඇති බ්ලවුසය උස් බෙල්ලක් සහ දිගු අත් සහිත විය යුතුය” යනුවෙන් එම ගැසට් නිවේදනයෙහි සඳහන්.

එමෙන්ම පිරිමි නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ට (2) (අ) උප-රීති (1) හි (ආ) ඡේදයේ සඳහන් කර ඇති පරිදි කලිසමේ දිග වළලුකර දක්වා විය යුතු බවද සඳහන් කර තිබෙනවා.

මෙම සංශෝධන 2023 මාර්තු 30 දින නිකුත් කරන ලද අංක 2325/44 විශේෂ ගැසට් පත්‍රයට අනුව ඉදිරියට බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *