දිස්ත්‍රික්ක 11ක අතහැර දැමූ වැව් 497ක් ප්‍රතිසංස්කරණයට

දිස්ත්‍රික්ක 11ක අතහැර දැමූ වැව් 497ක් ප්‍රතිසංස්කරණයට

දිස්ත්‍රික්ක 11ක අතහැර දැමූ වැව් 497ක් ප්‍රතිසංස්කරණයට

දිස්ත්‍රික්ක 11ක අතහැර දැමූ වැව් 497ක් ප්‍රතිසංස්කරණය ආරම්භකර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ, ඩොලර් මිලියන 44ක ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන යටතේයී.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 72ක හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 29ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ එම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙනු ලබයි.

දේශගුණික බලපෑම් නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැතිව පීඩා විඳින ගම්මානවල ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමට අවශ්‍ය ජලය සැපයීම, වැඩසටහනේ අරමුණයි. එම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති අතහැර දැමූ වැව් සංඛ්‍යාව 870ක්.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවද, තවත් වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත වේ.
ඒ සඳහා රජය මේ වන විට ලබාදී ඇති මුදල, රුපියල් මිලියන 300ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *