ඉන්දීය දුම්රිය සේවයෙන් නව බෞද්ධ චාරිකා දුම්රියක්

ඉන්දීය දුම්රිය සේවයෙන් නව බෞද්ධ චාරිකා දුම්රියක්

ඉන්දීය දුම්රිය සේවයෙන් නව බෞද්ධ චාරිකා දුම්රියක්

ඉන්දීය දුම්රිය සේවය නව බෞද්ධ චාරිකා දුම්රියක් ආරම්භ කර තිබේ.

ඉන්දියාවට පැමිණෙන සංචාරකයින්ට බුදුරජාණන් වහන්සේගේ ජීවන ගමන මග සියැසින්ම අත්විඳීමට අවස්ථාවක් ලබාදීම මෙහි අරමුණයි.

මෙම බෞද්ධ සංචාරක දුම්රිය දින නවයක කාලයක් තුළ දී ඉන්දියාවේ සහ නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන නවයක් ආවරණය කරමින් ගමන් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්ය.

‘භාරත් ගෞරව් යාත්‍රා’ ලෙස නම් කර ඇති මෙම දුම්රියෙහි එක් වරකට බැතිමතුන් 156 දෙනෙකුට ගමන් කළ හැකිය.
ඉන්දීය දුම්රිය සේවය පවසන්නේ, දිල්ලියෙන් ගමන් ආරම්භ වන මෙම දුම්රිය දෙවන දිනයේදී බුද්ධගයාව වෙත ගමන් කිරීමට නියමිත බවයි.

ඉන් අනතුරුව බරණැස, ලුම්බිණි, කුෂිනගර්, සහ අග්‍රා ඇතුළු බෞද්ධ නගර හා සිද්ධස්ථාන නමයකට මෙම දුම්රිය ළඟා වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed