එවරස්ට් කඳු මුදුව විෂබීජවලින් පිරුණු තැනක් – කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක්

0
274 දෙනෙකු එකම දිනකදී එවරස්ට් තරණය කරයි; 2019 වාර්තාව බිඳ දමයි

274 දෙනෙකු එකම දිනකදී එවරස්ට් තරණය කරයි; 2019 වාර්තාව බිඳ දමයි

එවරස්ට් කඳු මුදුව විෂබීජවලින් පිරුණු තැනක් යැයි ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පළ කළ ලිපියක දැක්වෙයි.

මෙම ලිපිය පළ කර ඇත්තේ ‘ආක්ටික්, ඇන්ටාක්ටික්, ඇල්පයින් රීසර්ෂ්’ නමැති විද්‍යා සඟරාවේය.

මුහුදු මට්ටමින් මීටර් දහස් ගණනක් ඉහළින්, අධිල සීතල කාලගුණයක් පවතින එවරසට් හෙවත් හිමාල කන්ද වසර පුරා හිමෙන් වැසී පවතී. එවරස්ට් කන්ද තරණයට යන කඳු නගින්නන් බොහෝ දෙනකු රෝගී වෙයි. කිවිසුම් යවයි.

මෙම රෝගී පුද්ගලයන්ගේ විෂබීම සියල්ල සීතල වාතාශ්‍රයේ විසිරී පැතිරී පවතී. මිනිසා ලෙඩ කරන වයිරස වර්ග බොහොමයක් හිමාල අඩවියේ සීතලේ තැන්පත් වී ඇතැයි විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කර තිබේ.

ඊට අමතරව, වසර ගණනාවක් තිස්සේ එවරස්ට් තරණය කිරීමට ගොස් මියගිය කඳු නගින්නන්ගේ මළසිරුරු හිමේ මිහිදන් කර ඇති අතර, ඒවා තවමත් ඉතා හොඳින් සැරැකිව පවතී. මෙවැනි මළසිරුරු 200 ක් පමණ තිබේ. ඒවායේ ඇති විෂබීජ එවරස්ට් කන්දේ හිමවලටත් පස්වලටත් එක් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com