ලොව වායු දූෂණය ඉහළම නගර 50න්, නගර 39ක්ම ඉන්දියාවේ

ලොව වායු දූෂණය ඉහළම නගර 50න්, නගර 39ක්ම ඉන්දියාවේ

ලොව වායු දූෂණය ඉහළම නගර 50න්, නගර 39ක්ම ඉන්දියාවේ

ලොව වායු දූෂණය ඉහළම නගර 50න්, නගර 39ක්ම ඉන්දියාවේ නගර බවයි නවතම වාර්තාවක සටහන් වන්නේ.

රටවල් 131ක තිස්දහසකගේ පමණක පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ලොව වායු දූෂණය ඉහළම රටවල් අතර 8වන ස්ථානයේ ඉන්දියාව පසුවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ශ්වසනයට ආරක්ෂිත වායූන් මෙන් දස ගුණයක් ඉන්දියාවේ වායු දූෂිත බවයි වාර්තා වන්නේ.

සමීක්ෂනය සදහා නගර 7,300ක් යොදාගෙන ඇති අතර ඉන් වායු දූෂණය ඉහළම නගර 50න් 39ක්ම ඉන්දියාවට අයත් වනවා.

කර්මාන්ත ශාලා, ගල් අගුරු දහනය හා ගිනි තැබීම් හේතුවෙන් මෙලෙස ඉන්දියාවේ වායු දූෂණය ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ සදහන් වන්නේ.

ලොව වායු දූෂණය ඉහළම නගරය ලෙස පාකිස්තානයේ ලාහෝර් නගරය සටහන් වන අතර දෙවන ස්ථානය චීනයේ හෝටන් හා තුන්වන හා හතරවන ස්ථානයන්ට පිළිවෙළින් ඉන්දියාවේ බිහ්වාඩි හා දිල්ලි නගරයන් පත්ව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *