95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්විණ

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්විණ

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්විණ

අති උත්කර්ෂවත් ඔස්කාර් සම්මාන උළෙල 95 වැනි වරටත් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි ඩොල්බි රඟහලේදී පැවැත්විණ.

වසර 62කට පසු රතු පළස භාවිත නොවූ අතර ඒ සඳහා භාවිත කළේ ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසකි.
හොලිවුඩ් තරු මෙන්ම විදෙස් නළු නිළි තාරකා රැසක් පෑයු ඔස්කාර් රාත්‍රිය මෙහෙයවනු ලැබුවේ, ඇමරිකාවේ සුප්‍ර‍කට විකට රූපවාහිණි නිවේදක ජිමී කිමෙල්ය.

හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් මලයාසියානු රංගන ශිලපිනියක වන මිෂෙල් යෝ ඉතිහාසයට එක්වුණේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ආසියාතික කාන්තාව ලෙසයි.

හොඳ ගීතයට හිම සම්මානය දිනා ගත් “RRR” චිත්‍රපටයේ නාටු නාටු ගීතය මෙවර සම්මාන උළෙලේදී සජීවීව ඉදිරිපත් කෙරුණු අතර ගායන ශිල්පීන්ට ඒ සඳහා වේදිකාවට ඇරයුම් කරනු ලැබුවේ, බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් විසිනි.

‘Everything Everywhere All at Once’ සිනමා පටය මෙවර සම්මාන උළෙලේදී හොඳම සිනමා පටයට හිමි සම්මානය ඇතුළු ඔස්කාර් සම්මාන 7ක් දිනාගැනීමට සමත් විය.

– හොඳම නළුවා – Brendan Fraser (චිත්‍රපටය – The Whale)
– හොඳම නිළිය – Michelle Yeoh (චිත්‍රපටය – Everything Everywhere All at Once)
– හොඳම සහය නළුවා – Ke Huy Quan (චිත්‍රපටය – Everything Everywhere All at Once)
– හොඳම සහය නිළිය – Jamie Lee Curtis (චිත්‍රපටය – Everything Everywhere All at Once)
– හොඳම අධ්‍යක්ෂණය – Daniel Kwan with Daniel Scheinert, (චිත්‍රපටය -Everything Everywhere All at Once)
– හොඳම ගීතය – Naatu Naatu, (Kaala Bhairava and Rahul Sipligunj) (චිත්‍රපටය – RRR)
– හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර (චිත්‍රපටය -The Whale)
– හොඳම ඇඳුම් නිර්මාණය – (චිත්‍රපටය -Black Panther: Wakanda Forever)
– හොඳම තිර රචනය – (චිත්‍රපටය – Everything Everywhere All at Once)
– හොඳම ශබ්ද පරිපාලනය – (චිත්‍රපටය -Top Gun: Maverick)
– හොඳම සංස්කරණය – (චිත්‍රපටය -Everything Everywhere All at Once)
– හොඳම නිෂ්පාදන නිර්මාණය – (චිත්‍රපටය -All Quiet on the Western Front)
– හොඳම දෘශ්‍ය ප්‍රයෝගය – (චිත්‍රපටය – Avatar: The Way of Water)
– හොඳම අන්තර්ජාතික විශේෂාංග – (චිත්‍රපටය -All Quiet on the Western Front)
– හොඳම සජීවිකරණ විශේෂාංග – (Guillermo del Toroගේ Pinocchio චිත්‍රපටය වෙනුවෙන් Guillermo del Toro, Mark Gustafson, Gary Ungar and Alex Bulkley සම්මානය)
– හොඳම වාර්තාමය විශේෂාංග (චිත්‍රපටය -Navalny)
– හොඳම වාර්තාමය කෙටි චිත්‍රපටය – (The Elephant Whisperers)
– හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය – (The Boy, the Mole, the Fox and the Horse)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *