විදුලිබල – ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දෙයි

විදුලිබල - ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දෙයි

විදුලිබල - ඛනිජ තෙල් සාමූහික ගිවිසුම්වලින් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දෙයි

විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති සහ එම ආයතනවල පාලන අධිකාරිය අතර සාමූහික ගිවිසුමෙන් ඉවත්වන ලෙස එම ආයතනවලට දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා (10) පැවසීය.

සාමූහික ගිවිසුම හරහා වසර තුනකට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවීම, වාර්ෂික ප්‍රසාද දීමනා සහ සෙසු දීමනා ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් තීරණ ගන්නා බවද අමාත්‍යවරයා කීය.

අදාල ආයතනවල බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *