නීතීයට පටහැනි විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව මහජන උපයෝගිතා කොමිමේ සභාපතිගෙන් පෙත්සමක්

විදුලි ගාස්තු 30% කින් අඩුකිරීමේ හැකියාව ඇත - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

විදුලි ගාස්තු 30% කින් අඩුකිරීමේ හැකියාව ඇත - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

අත්තනෝමතික මෙන්ම නීතීයට පටහැනි අන්දමට විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය (10) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා ගොනු කොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන උපයෝගිතා කොමිමේ සමාජිකයින් ඇතුළු පිරිසක් නම් කොට ඇත.

බාලේන්ද්‍ර නීතීඥ සමාගම මාර්ගයෙන් මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා ගොනු කොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ විදුලි ගාස්තු ඉහළ දැමීම ස`ඳහා පසුගිය ජනවාරී මස 05 වැනිදා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිමෙන් අවසර පැතූ බව සඳහන් කොට ඇත.

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට අනුව සිය කොමිසම මහජනතාවගේ අදහස් සහ යෝජනා ඉල්ලා සිටි බව සිය පෙත්සම මඟින් දැනුම් දුන් ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිමේ බහුතරයකගේ අදහස් අනුව විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම ඉවත දැමු බවද සඳහන් කොට ඇත.

විදුලි ගාස්තු ඉහළ දමන්නැයි විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීම කොමිමේ බහුතරයකගේ සාමාජිකයින්ගේ අදහස් අනුව ඉවත දැමුවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිමේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සහ තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුගේ අනුමැතිය ලැබී ඇති බවත් සඳහන් කරන ජනක රත්නායක මහතා එලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණයට කිසිඳු හේතූ දැක්වීමක් කොට නැතැයිද ඒ අනුව මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය නීතීයට පටහැනි යැයිද සඟන් කොට ඇත.

එබැවින් මෙම පෙත්සම විභාග ගැනීමට අවසර දෙන්නැයිද විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටින ජනක රත්නායක මහතා විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය බල රහිත කරන්නැයිද ඉල්ලා සිටී.

සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද මහජන උපයෝගිතා කොමිමේ සභාපති ජනක රත්නායක මහතා සිය පෙත්සම මඟින වැඩිදුරටත් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *