විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න අංකයක්

විදේශ රැකියා එජන්සියක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී බැංකු ඇපකරය රුපියල් 750,000 සිට ලක්‍ෂ 30ක් දක්වා ඉහළට

විදේශ රැකියා එජන්සියක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී බැංකු ඇපකරය රුපියල් 750,000 සිට ලක්‍ෂ 30ක් දක්වා ඉහළට

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනීම ඇතුළු නීතිවිරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනා මත පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස 2 තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කළ වැටලීම්වලදීයි. ජනවාරි සහ පෙබරවාරි මාස තුළ ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 173ක් විභාග කර ඇත.

එහිදී පැමිණිලිකරුවන් වෙත අය කර දී ඇති දඩ මුදල, රුපියල් ලක්ෂ 126කට අධිකයි.

විදේශ රැකියා ලබා ගැනීම සඳහා නීතිවිරෝධි ආයතනවලට සහ අතරමැදී තැරැව්කරුවන්ට මුදල් ලබා දීමෙන් වළකින්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් පිළිබඳ පැමිණිලි, 0112 86 42 41 යන දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *