විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න අංකයක්

කොරියානු රැකියා අයදුම්පත් නිකුත් කිරීම

කොරියානු රැකියා අයදුම්පත් නිකුත් කිරීම

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනීම ඇතුළු නීතිවිරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනා මත පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාස 2 තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කළ වැටලීම්වලදීයි. ජනවාරි සහ පෙබරවාරි මාස තුළ ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 173ක් විභාග කර ඇත.

එහිදී පැමිණිලිකරුවන් වෙත අය කර දී ඇති දඩ මුදල, රුපියල් ලක්ෂ 126කට අධිකයි.

විදේශ රැකියා ලබා ගැනීම සඳහා නීතිවිරෝධි ආයතනවලට සහ අතරමැදී තැරැව්කරුවන්ට මුදල් ලබා දීමෙන් වළකින්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් පිළිබඳ පැමිණිලි, 0112 86 42 41 යන දුරකතන අංකයට දැනුම් දිය හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *