රු. කෝටි 15ක රත්‍රන් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළේ අත්අඩංගුවට

රු. කෝටි 15ක රත්‍රන් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළේ අත්අඩංගුවට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මේ දිනවල ශ්‍රී ලංකා රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් රත්‍රන් මිලද පහළ බැස තිබේ.

ඒ අනුව රන් පවුමක මිල රුපියල් 17,000 – 15,000 අතර අගයකින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි. පසුගිය සතියේ පැවැතියාට වඩා මේ සති අන්තයේ (4,5) රන් පවුමක මිල පහළ බැස තිබේ. ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 170,500ක් සහ කැරට් 22 රන් පවුමක් රුපියල් 157,500ක් වශයෙන් ඉකුත් සෙනසුරාදා මිල පහත බැස තිබූ බව එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *