ජාත්‍යන්තර එක්ස්ෆෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රු. ලක්ෂ 72ක පමණ මුදලක් අපතේ

ජාත්‍යන්තර එක්ස්ෆෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රු. ලක්ෂ 72ක පමණ මුදලක් අපතේ

ජාත්‍යන්තර එක්ස්ෆෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රු. ලක්ෂ 72ක පමණ මුදලක් අපතේ

චීනයේ පැවැති ජාත්‍යන්තර එක්ස්ෆෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් 2021 වර්ෂයේදී අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

එම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටි සකස් කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් හැත්තෑ දෙලක්ෂයක පමණ මුදලක්ද ප්‍රදර්ශනකරුවන් තෝරා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීමට රුපියල් 50,000කට ආසන්න මුදලක්ද වැය කර තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *