මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක සියයකින් හෙවත් 1% ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබේ.
මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, (03) සිට මෙම පොලී අනුපාතික ඉහළ යන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු සමග කරන ගනුදෙනුවලදී ගෙවනු ලබන පොලීය හෙවත්, නිත්‍ය තැන්පතු අනුපාතිකය 15.5%ක් දක්වා ඉහළ යනු ඇති.
මේ අතර මහ බැංකුව ණය ලබා දීමේදී අය කරන පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5%ක් දක්වා ඉහළ දමා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩපිළිවෙළ යටතේ උද්ධමනය තවදුරටත් පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම පොලී අනුපාත ඉහළ දමන බව එම නිවේදනයේ සඳහන් වේ.