පාර්ලිමේන්තුව වහාම කැඳවන්න – ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14ක් ඉල්ලීමක්

පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය

පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය

මැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් යොමු කරමින් අගමැතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් (15) ඉල්ලීමක් කළහ.

ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය තිස්ස විතාරණ, අතුරලියේ රතන හිමි, ඩිලාන් පෙරේරා, උදය ගම්මන්පිල, නාලක ගොඩහේවා ප්‍රියංකර ජයරත්න, මහාචාර්ය චරිත හේරත් සහ ජයන්ත සමරවීර යන මහත්වරු මෙම ලිපියට අත්සන් කර ඇති මන්ත්‍රීවරු වෙති.

පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයට අදාල තැපැල් ඡන්දය ක්‍රියාත්මක වීමට නියමිත දිනයේ බවත් තැපැල් ඡන්දය පැවැත්වීම අවිනිශ්චිතව ඇති පරිසරයක මහජන නියෝජිතයන් ලෙස සිය වගකීම ඉටු කළ යුතු හෙයින් පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි මෙසේ ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වෙයි.

මෙම අත්සන් සහිත ලිපිය අගමැතිවරයාට සහ කතානායකවරයාට යොමු කරනු ලැබ ඇත්තේ නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා විසිනි.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා රැස්වීමට නියමිත හෙයින් පාර්ලිමේන්තුව අද හෙට රැස්වීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මැතිසබයේදී ලබන සතියේ දැඩි විරෝධයක් මතු කිරීමට ජාතික ජන බලවේගය පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *