නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුවට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ජනක රත්නායක

විදුලි ගාස්තු 30% කින් අඩුකිරීමේ හැකියාව ඇත - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

විදුලි ගාස්තු 30% කින් අඩුකිරීමේ හැකියාව ඇත - මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට රැස්වී, තම අනුදැනුමක් නොමැතිව සහ නිසි ගණනය කිරීමකින් තොරව නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුව පිළිනොගන්නා බවත් එයට එරෙහිව සභාපතිවරයා ලෙස සියලුම නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා (16) පස්වරුවේ පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් රැස්වීම පවත්වා ඇත්තේද නිෂ්චිත ඝණපූර්ණයකින් තොරව බවද හෙතෙම සඳහන් කළේය.

විදුලි බිල සංශෝධනය කරන ආකාරය පනතේ පැහැදිළිව සඳහන්ව තිබෙන බව කී ඒ මහතා සඳහන් කළේ 2008දී විදුලිබල මණ්ඩලය වැරදි ආකාරයට කළ විදුලි බිල සංශෝධනයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කළ බවත්, අඩු ආදායම් ලබන පාරිභෝගිකයන්ට සහන ලබාදිය යුතු බවත් ඒ සඳහා තීරණය විදුලිබල මණ්ඩලයට ගත නොහැකි මෙන්ම එම තීරණය මහජන උපයෝගිතා කොමිසමේ කාර්යයක් බවත් ඒ මහතා කීය.

සිය කාර්යාලයට මුද්‍රා තැබීමට අධිකරණය දුන් නියෝගයට කිසිඳු විරෝධයක් නොමැති මෙන්ම එය ඉතාමත් හොඳ නියෝගයක් බව කී රත්නායක මහතා එසේ නොවුණේ නම් තුන්වැනි පාර්ශවයක් සිය කාර්යාලයට මොනව හරි දමා තමන් හසුකිරීමටද ඉඩ තිබූ බවද සඳහන් කළේය.

කාර්යාලය මුද්‍රා තැබීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට සහ දේශපාලන අධිකාරියට ස්තූතිය පළකරන බවත් රජයේ මේස සහ පුටු ප්‍රතිපත්තියක් ලෙස පාවිච්චි නොකරන නිසා මුද්‍රා තැබූ කාර්යායේ මේසය සහ පුටුව හැර සෙසු සියලුම දේ රජයට අයිති දේපළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

විදේශගත සිටින ජනක රත්නායක මහතා ‘සූම්’ තාක්‍ෂණ ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්මින්(16) පස්වරුවේ එසේ පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *