මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගහනය අඩු වෙයි

මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගහනය අඩු වෙලා

මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගහනය අඩු වෙලා

මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන්ගේ ගහනය අඩු වී ඇති බව මිරිස්ස තල්මසුන් නැරඹීමේ හා සුරකිමේ සංවිධානය පවසයි.

ඇතැම් පුද්ගලයින් නීත්‍යානුකුල නොවන අයුරින් විදේශකයන් රැගෙන ගොස් නිල් තල්මසුන්ට හිංසා වන අයුරින් කටයුතු කිරීම නිසා මිරිස්ස මුහුදු තීරයේ නිල් තල්මසුන් ගැවසීමේ අඩුවක් සිදුව ඇති බව එම සංවිධානය පවසයි.

මෙවර සංචාරක සමය ආරම්භ වී ඇති අතර නිල් තල්මසුන් දැක බලා ගැනීමට හැකි වී ඇත්තේ ඉතා අඩු වශයෙන් බවට සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් පවසයි. ඒ හේතුවෙන් විදේශිකයන්ද නිල් තල්මසුන් නැරඹීමට පැමිණිමේ මැළිකමක්ද දක්වන බව ඔවුන් පෙන්වා දෙයි.

නිල් තල්මසුන් සමග ඇතැම් විදේශ සංචාරකයින් කිමිදුම් සිදු කිරීම හේතුවෙන්ද මෙම ව්‍යාපාරය තුළ ගැටලු මතුව ඇති බවට තල්මසුන් සුරකිමේ සංවිධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *