කුරුලු උණ රෝගය නැති රටවලින් පමණක් බිත්තර ආනයනය කරන්න – ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

කුරුලු උණ රෝගය නැති රටවලින් පමණක් බිත්තර ආනයනය කරන්න - ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

කුරුලු උණ රෝගය නැති රටවලින් පමණක් බිත්තර ආනයනය කරන්න - ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය

ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගන්නේ නම් කුරුලු උණ රෝගය නැති රටවලින් පමණක් ඒවා ආනයනය කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරයි.

යම් හෙයකින් බිත්තර ආනයනය හරහා ශ්‍රී ලංකාවේ කුරුලු උණ රෝගය පැතිර ගියහොත් මෙරට ආර්ථිකයට දරැණු ප්‍රති විපාක විඳීමට සිදුවනු ඇතැයිද ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති ආචාර්ය වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා පැවැසීය.

තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රසීලය සහ ඇමෙරිකාව වැනි දැනට කුරුලු උණ රෝගය වාර්තා නොවන රටවලින් පමණක් බිත්තර ආනයනය කරන්නැයි දැනටමත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ තම සංගමය රජයට උපදෙස් ලබාදී තිබෙන බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *