තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්න – ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්න - ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්න - ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

මෙවර ඇතැම් ප්‍රදේශවල විශාල පිරිසකට තැපැල් ඡන්ද අහිමි කර ඇතැයි වාර්තා වන බවත් මේ පිළිබඳව සොයා බලා තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේදී තැපැල් ඡන්ද ඉල්ලුම් කළ අති විශාල ඡන්ද දායකයන් පිරිසකට එම අයිතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයිද මෙවර තැපැල් ඡන්ද ප්‍රතික්ෂේපිත අනුපාතය මැතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත අනුපාතය ලෙස වාර්තා ගත වී අතැයි දැනගන්නට ලැබී තිබෙන බවද ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය, ගමනා ගමන මණ්ඩලය, ත්‍රිවිද හමුදාව සහ පොලිසිය වැනි අත්‍යවශ්‍ය සේවාවල මේ ආකාරයට තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වී ඇතැයිද උදාහරණයක් ලෙස මහනුවර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයේ එක් ආයතනයක සේවය කරන 150ට වැඩ් සියලු සේවකයන්ගේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වූ බවට තොරතුරු ලැබී තිබෙන බවද මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.

එබැවින් මේ පිළිබඳව සොයා බලා තැපැල් ඡන්ද හිමි සෑම දෙනකුටම එම අයිතිය ලබා දීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ එස්.බී හේරත් මහතා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *