පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් ප්‍රති නැව්ගත කරලා

0
පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් ප්‍රති නැව්ගත කරලා

පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් ප්‍රති නැව්ගත කරලා

පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40කට අධික සංඛ්‍යවක් පසුගිය මාස තුන ඇතුළත ප්‍රති නැව්ගත කිරීමට නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ එම මිරිස් තොග ප්‍රති නැව්ගත නොකර මෙරටදී විනාශ කිරීමට ඇතැම් ආනයනකරුවන් කළ ඉල්ලීම් සලකා බලා ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැලසීමටද පියවර ගත් බවයි.

දිවයිනට ආනයනය කරන සෑම මිරිස් කන්ටේනරයක්ම වරායේදී පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

එබැවින් මෙරට අලෙවියට නිකුත් කෙරෙන සියලු වියලි මිරිස් තොග ප්‍රමිතියෙන් යුක්ත බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com