ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට නව ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා රජයේ සහ ලෝක හරිත වර්ධන ආයතනය දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට නව ගිවිසුමකට අත්සන් තැබ්ණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලෝක හරිත වර්ධන ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන්කී මූන් තයන මහත්වරු ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යංශ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ සහ ලෝක හරිත වර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබන ලදී.

රට තුළ හරිත වර්ධන මූලාරම්භයන් වඩාත් ඵලදායී ලෙස සැළසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මගින් හැකියාව ලැබේ. ශ්‍රී ලංකාව 2019 දී ලෝක හරිත වර්ධන ආයතනයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

2022 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව එම ආයතනයේ උප සභාපති ලෙස තේරී පත්විය. ලෝක හරිත වර්ධන ආයතනය සංවර්ධනය වෙමින් පවතින රටවල සහ නැගී එන ආර්ථිකයන්ට තිරසර ආර්ථික වර්ධනය සඳහා සහාය දැක්වීමට කැපවී සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *