අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් 2කු පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි

ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (07) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් සහ සාගර කාරියවසම් යන මහත්වරුන් නොවැළැක්විය හැකි හේතූන් මත මෙම රැස්වීමට සහභාගී නොවන බව දන්වා තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ මහතා යළි පත්කිරීමටද ඊ.ඒ.ජී.ආර්.අමරසේකර මහතා අලුතින් පත් කිරීමටද ජනාධිපතිවරයා කර තිබූ නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව අනුමත කෙරුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති කොමිෂන් සභාවල සාමාජිකයින් ලෙස පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවමින් අදාළ දැන්වීම නැවත වරක් මෙම සති අන්ත පුවත්පත්වල පළ කිරීමටත් ඒ අනුව ඒ පිළිබදව පුළුල් ප්‍රචාරයක් ලබා දීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවදුරටත් තීරණය කර තිබෙනවා. ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය 2023 පෙබරවාරි 15 වැනිදා ලෙස පෙර තීරණය කළ පරිදිම නොවෙනස්ව පවතින අතර, අදාළ අයදුම්පත්‍රයේ ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *