රු. බි 5ක පමණ වටිනා භාණ්ඩ වරාය පර්යන්තයේ හා ගුදම් තුළ සිරවෙලා

පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා

පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා

රේගුව රඳවාගත් රුපියල් බිලියන 5ක පමණ වටිනා භාණ්ඩ වරාය පර්යන්තයේ හා ගුදම් තුළ සිරවී තිබේ. මේ හේතුවෙන් වරාය අධිකාරියට මූල්‍යමය වශයෙන් විශාල පාඩුවක් සිදුවන බවට එම අධිකාරිය පෙන්වා දෙයි.

මෙරටට ආනයනය කළ රේගුව මගින් රඳවාගත් භාණ්ඩ සහ බහාලු 88ක් පමණ වසර ගණනාවක් තිස්සේ වරාය පර්යන්තවල හා ගුදම් තුළ ස්ථානගත කර තිබෙන අතර එම බහාලු සඳහා කිසිඳු වරාය ගාස්තුවක් අයකර ගැනීමට නොහැකිවී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී හෙළි වී ඇත.

2013 වසරේ රඳවාගත් වාහන අමතර කොටස් බහාලු 5ක්
2015 වසරේ රදවාගත් පුවක් බහාලු 12 ක්
2019 වසරේ රදවාගත් බාස්මතී සහල් බහාලු 39ක්
2019 වසරේ රඳවාගත් රෙදිපිලි – ලිපිද්‍රව්‍ය බහාලු 4ක්
2020 වසරේ රඳවාගත් ටයිල් බහාලු 15ක්
එමෙන්ම 2020 සහ 21 වසරවල රඳවාගත් මත්පැන් එතනෝල් බහාලු 4ක් මෙම බහාලු තොගයට අයත් වේ.

මෙම බහාලුවලින් බිම් ගාස්තු වශනේ රුපියල් මිලියන 2,445ක් වරාය අධිකාරියට අයවිය යුතුයි.

එමෙන්ම 2015 වසරේ සිට රදවාගත් බෙන්ස් හා රේන්ජ් රෝවර් රථ දෙකක් ඇතුලු මෝටර් රථ සහ ලොරි රථ 40ක් පමණ වරාය අධිකාරියේ පර්යන්තවල දිරාපත් වන බවද සාකච්ඡා වලදී හෙළි වී ඇත.

සාකච්ඡාවට එක්වූ රේගු නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේ යල් පැනගිය රේගු ආඥා පනතට අනුව කටයුතු කිරීමේ දී මෙවැනි ප්‍රමාදයන් ඇතිවන බවත්ය. මෙනිසා යල් පැනගිය රේගු ආඥා පනත සංශෝධනය කර කාලීන අවශ්‍යතාවට අනුව කාර්යක්ෂම නිෂ්කාෂණ ක්‍රියාවලියක් සිදුකර ගැනීමට අවශ්‍ය වන පරිදි රේගු පනත සංශෝධනය කිරීමට කටයුතු කළ යුතු බවට අමාතය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කරන ලදී.

රාජ්‍ය අමාත්‍ය රජිත් සියඹලාපිටිය මහතාද මීට එක්ව සිටියාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *