මහජන උපයෝගීතා කොමිසමට (PUCSL) නව සාමාජිකයෙක් ලෙස ඩග්ලස් නානායක්කාර

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය ගැන විශේෂ මහජන උපදේශන සැසියක්

මහජන උපයෝගීතා කොමිසමට (PUCSL) නව සාමාජිකයෙකු ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කර තිබේ.
ඒ, ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, නව පත්කිරීමත් සමග කොමිසමේ ඝන පූර්ණය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතු නොවන බවය.

මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයන් ඉල්ලා අස් වූයේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

ඉල්ලා අස්වීමට හේතු කිහිපයක් සඳහන් කරමින්, ඔවුන් සිය ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කර තිබුණි.

මේ අතර, දෛනික විදුලිය කප්පාදුවට සිය අනුමැතිය මෙතෙක් ලබා දී නැතැයි, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

කෙසේ වෙතත්,(03) සිට යළි විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි.

අප කළ විමසීමකදී විදුලිබල මණ්ඩලය පැවසුවේ (04) සිට ලබන 06 වැනිදා දක්වා පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *