75වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සමරු කාසියක් නිකුත්කරයි

75වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සමරු මුද්දරය සහ සමරු කාසිය පිළිගන්වයි

75වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සමරු මුද්දරය සහ සමරු කාසිය පිළිගන්වයි

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම (02)වැනි දා පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ද, සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබීය.

සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය (02)වැනි දා සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අළෙවි කෙරේ.

මේ හා සමගාමීව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ මීගමුව ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවුළු මගින් මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය මිලදී ගැනීමට අවස්ථාව සළසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *