මුහුදුබත් වූ නෞකා ගොඩගෙන අබිලි ලෙස අළෙවි කිරීමට පියවර

මුහුදුබත් වූ නෞකා ගොඩගෙන අබිලි ලෙස අළෙවි කිරීමට පියවර

මුහුදුබත් වූ නෞකා ගොඩගෙන අබිලි ලෙස අළෙවි කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ විවිධ අවස්ථාවන්හිදී ගිලී මුහුදුබත් වූ නෞකා 47න් කෞතුක වටිනා කමක් නොමැති නෞකා ගොඩගෙන අබිලි ලෙස අළෙවි කර රජයට මුදල් ලබාගැනීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එම නෞකාවන් උපයෝගී කර ගනිමින් දේශීය ආර්ථිකයට උපරිම අදායමක් උපයා ගැනීමටත්, අවශ්‍ය නම් සංරක්ෂණ කිරීමටත් කටයුතු කරන බව කී අමාත්‍යවරයා මුහුදු බත්වී තිබෙන නෞකා නැරඹීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින්ට කිමිදි ඒවා ඡායාරූප ගැනීමට සහ ගවේෂණයට අවස්ථාව දියහැකි බවද සඳහන් කළේය.

සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව සහ පෞදගලික අංශයේ සංචාරක සමාගම් එක්ව එම නෞකා යොදාගෙන ආදායම් ඉපයීමට වැඩසටහනක් සකස් කරන බවත් කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායවල නවතා ඇති නෞකා 6 ක් වරාය කටයුතුවලට බධා පමුණුවමින් වසර 6 ක පමණ කාලයක් නැංගුරම් ලා ඇති බවත් අමාත්‍යවරයා කීය.

මෙම නැව් 6 සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් අවසන් කර වරාය අධිකාරියට අයවියයුතු විශාල මුදල් ප්‍රමාණය අයකරගත යුතු බවත් ගිලුනු නැවක් පිළිබදව සමුද්‍රී නිතීයට අනුව වසරක කාලයක් ඇතුළත අයිතිවාසිකම් ඉදිරිපත්කර නොමැති නම් එම නැවේ හිමිකාරිත්වය සමුද්‍රිය තීරය අයිතිය රජයට ලැබෙන බවත් එම නෞකා ඉවත් කිරීම හා කැබලි වශයෙන් විකිණිමට නීතිමය බාධාවක් නොමැති බවත් හෙතෙම පැවසීය.

වරාය අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *