ධනුෂ්කට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල් තහනම් වේ

ධනුෂ්කට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල් තහනම් වේ

ධනුෂ්කට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල් තහනම් වේ

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසර අග පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ධනුෂ්කට එම උපදෙසත් අනුව ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු දේයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ වන විටත් තාවකාලික තහනමක් පනවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed