මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 16,000ක්

මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 16,000ක්

මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 16,000ක්

2022/23 මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුවත් ‌කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ දී තමන් ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ සහයෝගය පළ කළ බව කී අමාත්‍යවරයා මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා ගොවීන්ට දිය හැකි හැම සහනයක් දීමට රජය කටයුතු කර ඇතැයි ද සඳහන් කළේය.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගැටළු සම්බන්ධව එම වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.

2022/23 මහ කන්නයේ දී කාබනික පොහොර බෙදා හැරීම සඳහා දිවයිනේ හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටුව බැගින් පිහිටවූ අතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට අදාල දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින්ටද වගකීම පැවරූ බව අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *