2020 වසරේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක්

2020 වසරේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක්

2020 වසරේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා එහි සාමාජිකයන් සිවු දෙනකු සිය ධුරවල කටයුතු කිරීම බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සහ සාමාජිකයන් වන මහාචාර්ය බන්දුල විජේසිරිවර්ධන, වෛද්‍ය දිල්රුක්ෂි රුබේරු, වෛද්‍ය වජිර සේනාරත්න, මහාචාර්ය ජයලත් ජයවර්ධන යන මහත්ම මහත්මීන් සිය ධුරවලට පත් කිරීමට හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගත් තීරණය බල රහිත කරන රිට් ආඥාවක්ද නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා සහ එහි සාමාජිකයන් 2020 වසරේදී ඉවත් කිරීමට එවකට සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගත් තීරණය බල ශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කළේය.

මෙම රිට් ආඥාව නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති හිටපු මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම තීන්දුව මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී. කරලියද්ද යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

එවකට සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහහත්මිය විසින් තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරින්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *