15වන ආසියානු බේස්බෝල් සූරතාවයට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය බලා පිටත්වෙයි

15වන ආසියානු බේස්බෝල් සූරතාවයට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට

15වන ආසියානු බේස්බෝල් සූරතාවයට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට

15වන ආසියානු බේස්බෝල් සූරතාවයට සහභාගි විම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් කන්ඩායම (28)වැනි දා පකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

තරගාවලිය ජනවාරි 26 ආරම්භ වි පෙබරවාරි 02 වනදා නිමාවීමට නියමිත අතරම, පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී තරගාවලිය පැවැත්වේ. මෙවර තරගාවලියට කණ්ඩායම් හතක් එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අමතරව මෙවර තරගාවලියට ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංගලාදේශය සහ නේපාලය යන දකුණු ආසියාතික රටවල්ද සහභාගිවන අතර, ප්‍රථම වතාවට මේ තරගාවලිය සඳහා සහභාගි වීමට පලස්තීන කණ්ඩායමක්ද තරගාවලියට එක්වීමට නියමිතය.

අවසාන වරට පැවති 14 වන බටහිර ආසියාතික බේස්බෝල් සූරතාවය ශ්‍රී ලංකා කන්ඩායම ජයගත්තා පමණක් නොව ශෂික දුල්ෂාන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාද විය. ඔහු මෙවර කණ්ඩායමේද සිටින අතර කණ්ඩායම මෙවරත් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව බේස්බෝල් කණ්ඩායම් ආරංචි මාර්ග හරහා වාර්තා වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *