පළාත් පාලන ඡන්දය බාධාවකින් තොරව පවත්වන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක් – මුජිබුර් රහුමාන්
පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්, සමගි ජනබලවේගයෙන් කොළඹ මහ නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වන හිටපු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් මෙය ඉදිරිපත් කර ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ එහි සාමාජිකයන් අමාත්‍ය මණ්ඩල සභිකයන් ඇතුළු 35දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. පෙත්සම්කරු පවසන්නේ 2023 වසර සදහා මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් අයවැයෙන් රුපියල් බිලියන දහයක් මැතිවරණ කොමිසමට වෙන් කර දී ඇති බවයි.
අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී එදිනම එය ඉවත් කර ගත් බවද ඔහු පවසයි. මේ තුළින් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව පෙත්සමේ සදහන් කර ඇත.
එම ලිපිය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඡන්ද විමසීම පැවැත්වීම සදහා සුදුසු නියෝග ඇත්නම් ඒවා නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.