නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු 2කූ අලුතින් පත්කරයි

0
තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව, ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය ද, ඊශ්‍රායල් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එම්.එච්.එම්.එන්.බණ්ඩාර මහතා ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා ද, පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව, මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සී.පී.අතුලුවගේ මහතාගේ පත්වීම සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එන්.කේ.ඒ.ජී. නාරගල මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළ බව මහ ලේකම්වරයා දන්වා සිටී.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com