නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස්

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස්

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස්

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් නිල වශයෙන් තේරීපත්ව තිබේ.

ඒ, ඊට අදාළව ඉදිරිපත් වූ නාම යෝජනාවට පාලක කම්කරු පක්ෂයේ අනුමැතිය හිමිවීමත් සමගය. මේ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙසද පත්වනු ඇත.

නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ තමන් ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුවය.

හිප්කින්ස් රජයේ උප අගමැති ලෙස පැසිෆික්, ජපාන සහ නවසීලන්ත සම්භවයක් ඇති කාමෙල් සැපුලෝනි නම් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *