රු. කෝටි 3ක වියලි කංසා කිලෝ 400ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

රු. කෝටි 3ක වියලි කංසා කිලෝ 400ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

රු. කෝටි 3ක වියලි කංසා කිලෝ 400ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

වියලි කංසා කිලෝ හාරසියයක් සමග සැකකරුවන් තිදෙනෙකු (20)වැනි දා තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් නිකවැව තේක්කවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිමට තණමල්විල ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් කණ්ඩායමක් සමත් වී ඇත.

අත්අඩංගුට පත් මෙම කංසා තොගයේ වටිනකම රුපියල් කෝටි තුනකට අධික ය.

තණමල්විල පොලිස් ස්ථානාධීපති මුලස්ථාන පොලිස් පරික්ෂක බණ්ඩාර මහතාට ලැබුනු තොරතුරක් ඔස්සේ මෙම වැටලීම සිදුකර තිබු අතර, මෙම කංසා තොගය අක්කර තුනක භුමි ප්‍රදේශයක වගාකර තිබී ඇත.

ඒවා කපා වියලා පොලිතින් උරවල ඇසිරිම සිදුකරමින් පැවති අවස්ථාවේ මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩගුවට ගත් කංසා හා සැකකරුවන් තිදෙනා වැල්ලවාය මහේත්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *