සවි එසැවීමේ ක්‍රීඩකයන් දෙදෙනකුට තරග තහනමක්

සවි එසැවීමේ ක්‍රීඩකයන් දෙදෙනකුට තරග තහනමක්

සවි එසැවීමේ ක්‍රීඩකයන් දෙදෙනකුට තරග තහනමක්

ශ්‍රී ලංකා සවි එසැවීමේ ජාතික ශූරතාවලියේදී ක්‍රීඩකයන් දෙනෙකු තහනම් උත්තේජක භාවිතා කොට තරග වැදුණේ යැයි චෝදනා ලබා තරග තහනමකට ලක් වී ඇත. ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන ෆියුරොසෙමයිඩ් (furosemide) නම් අන්තර්ජාතික තරග බිමේ තහනම් කොට ඇති උත්තේජක එන්නත එම ක්‍රීඩකයන් දෙදෙනා විසින් ලබාගෙන තරගාවලියට සහභාගී වී ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වීම හේතුවෙන් මෙම තහනම පනවා තිබේ.

කොළඹ තරු පහේ හෝටලයකදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා සවි එසැවීමේ ජාතික ශූරතාවලියට පැමිණි ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතන නිලධාරීන් විසින් ක්‍රීඩකයන් අටදෙනකුගෙන් අහඹු ලෙස ලබාගත් මුත්‍රා සාම්පල කටාර්හී පිහිටා ඇති රසායානාගාරයකදී පරික්ෂාවකට ලක්කොට මේ බව තහවුරුකොට ගෙන ඇත. එම කටාර් රසායනාගාරයේ වාර්තාව අනුව ක්‍රීඩකයන් දෙනෙකුගේ මුත්‍රා සාම්පල්වල පමණක් තහනම් උත්තේජක සංඝටක ඇති බවට තහවුරු වී තිබේ.

මේ පිළිබඳව ක්‍රීඩකයන් දෙදෙනාට දැනුම් දී තාවකාලික තරග තහනමක් පැනවීමට ක්‍රියාකොට ඇති අතර, අනතුරුව ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය ක්‍රීඩකයන් දෙදෙනා කැඳවා මූලික පරීක්ෂණයක් සිදු කොට තිබේ. එහිදී චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් දෙදෙනා වරද පිළිගෙන ඇතැයි පැවසේ.

ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සිදු කළ පරීක්ෂණයේදී ක්‍රීඩකයන් දෙදෙනා පවසා ඇත්තේ ‘බී’ මුත්‍රා සාම්පල පරීක්ෂණය අවශ්‍ය නොවන බවයි. චෝදනාවට ලක්වූ ක්‍රීඩකයා වරද පිළිගන්නේද? නො එසේ නම් මුත්‍රා ‘බී’ සාම්පල පරීක්ෂාව සිදු කළ යුතුද? යන්න මූලික පරීක්ෂණයේදී ක්‍රීඩකයන්ගෙන් විමසිය යුතු හෙයින් එවැනි පරීක්ෂණයක් අවශ්‍ය බව ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු පැවසීය.

ක්‍රීඩකයාගේ තාවකාලික තරග තහනම තවදුරටත් තහවුරු කොට දඬුවම් කිරීමට පෙර විනය කමිටුව මඟින් නැවත සාක්ෂි විමසීමක් සිදු කළ යුතු අතර, එම පරීක්ෂණයේ පළමු අදියර නිමාවට පත්වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *