ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් තුන් දෙනෙක්

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් 2කු පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය (18) හිමිවිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවද ඔහු සඳහන් කළේය.