2023දී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි 1,66,700ක් – දේශීය ආදායම් කොමසාරිස්

2023දී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි 1,66,700ක් - දේශීය ආදායම් කොමසාරිස්

2023දී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි 1,66,700ක් - දේශීය ආදායම් කොමසාරිස්

පසුගිය වසරේදී එකතු කරන ලද බදු ප්‍රමාණය රුපියල් කෝටි 86000ක් බවත් මේ වසරේදී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැට හය දහස් හත් සියයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ඩී.ආර් එච් හපුආරච්චි මහතා පැවසීය.

මේ අනුව ගිය වසරට සාපේක්ෂව රුපියල් කෝටි අනු දෙදහස් දෙසීයක බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මේ වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින් බවත් එම බදු මුදල රුපියල් කෝටි 60,300ක් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රැපියල් කෝටි 55,300ක ආදායමක් අපේක්ෂා කරන බවද ඒ නිලධාරීහු පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *