චීන නියෝජිතයන් පිරිසක් 14 වැනි දා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය 19වැනි දා නිල සංචාරයක

චීන නියෝජිතයන් පිරිසක් ලංකාවේ; ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය 19වැනිදා දෙදින නිල සංචාරයක

චීන නියෝජිතයන් පිරිසක් ලංකාවේ; ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය 19වැනිදා දෙදින නිල සංචාරයක

චීන කොම්යුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් පිරිසක් (14) සිට ලබන 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාව නිල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරනු ලබන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් සූහු මහතා විසිනි. ඔවුන් මෙරට රැඳීසිටින කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

කොංග්‍රස් පක්ෂ සමුළුවෙන් පසු චීන කොම්යුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ලබන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

අවසන් වරට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පසුගිය වසරේ මාර්තු මස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *