සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඒකමතික යෝජනාවක්

සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඒකමතික යෝජනාවක්

සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඒකමතික යෝජනාවක්

තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලදි. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත.

මෙම යෝජනාව සඳහා බී.ජේ.පි පක්ෂය ඇතුළු සියලුම පක්ෂ සහාය ලබා දී තිබේ. ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ ආර්ථිකය වර්ධනය ශක්තිමත් කිරීම සඳහා සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බව එම්.කේ ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත.

ඇතැම් බලවේග තවත් සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමට ගන්නා උත්සාහය ඉන්දියාවේ සංවර්ධනයට බාධාවක් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය සම්මත කරන ලද යෝජනාවේ සඳහන් වේ.

සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා හොඳ අවස්ථාවක් ලැබෙන බවත් එමගින් නව රැකියා අවස්ථා උත්පාදනය වන බවත් ස්ටාලින් මහතා පෙන්වා දී ඇත.

සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොගැඹුරු සමුද්‍ර සන්ධියේ නාවික මාර්ගයක් නිර්මාණය කිරීමට යෝජිත ව්‍යාපෘතියකි.

මෙමගින් ඉන්දීය අර්ධද්වීපය වටා අඛණ්ඩව යා හැකි මුහුදු මාර්ගයක් නිර්මාණය වන අතර එම නැව් මාර්ගය භාවිත කරන නැව්වලට ශ්‍රී ලංකාව වටා යාමට අවශ්‍යතාවයක් මතුවන්නේ නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *