පාස්කු ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයන සියලු දෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක්

වහාම ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුයි – මැල්කම් කාදිනල් රංජිත් හිමි

වහාම ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුයි – මැල්කම් කාදිනල් රංජිත් හිමි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය (12) ලබාදුන් තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ (13) පැවසූහ.

විධායක බලතල ඇති ජනාධිපතිවරයකු ලෙස හෝ කොතරම් ඉහළ නිලයක සිටියත් වරදක් කළහොත් නීතියෙන් බේරී සිටීමට ඉඩක් නොමැති බවට මෙම තීන්දුව මගින් පණිවුඩයක් ලබාදී ඇති බවත්, එය වත්මන් මෙන්ම, අනාගත පාලකයන් හා නිලධාරීන් මතක තබාගත යුතු බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.

එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය හා කුමන්ත්‍රණය හෙළිවන තුරු තම ව්‍යායාමය අත් නොහරින බවද කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ල අගරදගුරු මැදුරේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *