විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා

විශේෂ දළදා ප්‍රදර්ශනයක් මාර්තු 04 වැනිදා
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර ඇති දන්ත ධාතූන් වහන්සේ සියලු ලෝකවාසී ජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තීරණය කර තිබේ.
ඒ අනුව, එළැඹෙන මාර්තු 04 වැනිදා ලක්වාසී මෙන්ම ලෝකවාසී ජනතාව වෙනුවෙන් උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනයට තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, අශෝක ප්‍රියන්ත මහතා පවසයි.
ඒ බව ඔහු සඳහන් කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (12) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.