අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5%ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින්

අ. ඩො බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන එක්සිම් බැංකුවේ එකඟතාව

අ. ඩො බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන එක්සිම් බැංකුවේ එකඟතාව

අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5%ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි.

කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව එක් එක් අමාත්‍යාංශවලින් කපා හැරිය යුතු 5% ක් වූ ප්‍රතිපාදන ප්‍රමාණයන් මේ වනවිට සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, කැබිනට් මණ්ඩලය මීට අදාළව ලබා දී ඇති නිර්දේශ සහ පවතින ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය සකස් කරන බවයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ ක්‍රියාත්මක වන්නේ, රාජ්‍ය ණයවලින් බැවින් මෙම 5% ක් අඩු කිරීම මගින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබාගත යුතු ණය ප්‍රමාණය අඩු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *