ලංකාව යළි ආර්ථික වශයෙන් නඟා සිටුවීම සදහා ණය හිමියන් ණය කපා හැරීම අත්‍යවශ්‍යයි

ලංකාව යළි ආර්ථික වශයෙන් නඟා සිටුවීම සදහා ණය හිමියන් ණය කපා හැරීම අත්‍යවශ්‍යයි

ලංකාව යළි ආර්ථික වශයෙන් නඟා සිටුවීම සදහා ණය හිමියන් ණය කපා හැරීම අත්‍යවශ්‍යයි

ශ්‍රී ලංකාව යළි ආර්ථික වශයෙන් නඟා සිටුවීම සදහා ණය හිමියන් ණය කපා හැරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ලොව ප්‍රධානතම ආර්ථික විශේෂඥයන්ගෙන් 182 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශ කර ඇත.

මෙම කණ්ඩායමට ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය යානිස් වරුෆකිස්, ඉන්දිය ආර්ථික විද්‍යාඥ ජයති ගෝෂ්, තෝමස් පිකේටි වැන්නන් අයත් වේ.

ලොව ප්‍රධානතම හෙජ් අරමුදල් මෙන්ම පෞද්ගලික ආයෝජකයන්ද ණය කපා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව සමග ණය සම්බන්ධයෙන් නව කතිකාවක් ඇති කරගත යුතු බව පෙන්වා දෙන මෙම විශේෂඥයන් ණය ප්‍රතිව්‍යුහ ගත කිරිම සඳහා වන බාහිර පාර්ශව වල සහාය අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ විදෙස් ණය වලින් 40%ක්ම පෞද්ගලික ආයෝජකයන්ගෙන් සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ලැබි ඇති බවට මෙම විශේෂඥයන් පෙන්වා දෙන අතරම මෙම ණය සදහා අධික පොලී අනුපාතිකයක් ගෙවීමට සිදු වීම ශ්‍රී ලංකාවට බාධකයක් වී ඇති බවටද ඔවුන් අවධාරණය කරයි.

එහිදි ශ්‍රී ලංකාවට සාධාරණයක් ඉටු විය යුතු බවයි විශේෂඥයන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *