අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ 2ක් ආනයනය කිරීමට සැරසැයි

දේශීය බිත්තර මිල ඉහළට

දේශීය බිත්තර මිල ඉහළට

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව් සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ 2ක් ආනයනය කිරීමට තීරණ කර තිබේ.

රටේ වාර්ෂික බිත්තර අවශ්‍යතාවය මිලියන 2990ක් වන අතර මාසිකව බිත්තර අවශ්‍යතාවය මිලියන 249-250ක් වන අතර මේ වනවිට එය මිලියන 30 දක්වා පහත වැටී තිබේ.

මෙම තත්ත්වයට හේතුව ලෙස බිත්තර නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, සත්ත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂිකව අවශ්‍ය වන මව්සතුන් ආනයනය අවම වී තිබීමයි.

සෑම වර්ෂයකම මව් සතුන් 80,000 බැගින් ආනයනය කළද පසුගිය වර්ෂය තුළ එම ප්‍රමාණය 40,000 දක්වා පහළ වැටී ඇති අතර මව් සතුන් ආනයනය කළ හොත්, බිත්තර නිෂ්පාදනය මාස 11කින් පමණ ප්‍රමාද විය හැකි බැවින් ඊට විකල්පයක් වශයෙන් අභිජනනය කරන ලද බිත්තර ලක්ෂ දෙකක් ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ.

මේ වන විටත් අභිජනනය කරන ලද බිත්තර ආනයනය කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට හා පුද්ගලික අංශයේ ආයතන සඳහා පැවරීමට පියවර ගෙන ඇතැයිද සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *