17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු තහනම් – විභාග දෙපාර්තමේන්තුව
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දිනයන්
2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කළයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කර ඇති බවයි.
උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ආරම්භවීමට නියමිත වී ඇත.්




