ජෝර්දානයේ තවත් මිනිස් ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ

ජෝර්දානයේ තවත් මිනිස් ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ

ජෝර්දානයේ තවත් මිනිස් ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ

ජෝර්දාන් රාජ්‍ය හරහා විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමේ තවත් මිනිස් ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ පසුගිය දිනවල සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් විදේශ ගතවීම පිළිබඳ එම කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන්ගේ විමර්ශනයකට අනුවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමේදී අදාල පුද්ගලයින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ජෝර්දානයේ කෙටි සංචාරයක නිරත වන බවයි.

කෙසේ වෙතත් විදේශ රටවල් 10 කින් පමණ මෙලෙස නීතිවිරෝධී අයුරින් ජෝර්දානයට පැමිණි සංචාරකයින් එරට අතරමංව ඇති බව ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *