ජනවාරියේ විදුලි බිල වැඩිවුවහොත් තවත් ව්‍යාපාර ස්ථාන 20,000ක් වැසී යෑමේ බරපතළ අවදානමක

විදුලිය බිල වැඩිවීමත් සමග විවිධ ව්‍යාපාර ස්ථාන තවත් 20,000ක් වැසී යෑමේ බරපතළ අවදානමක්

විදුලිය බිල වැඩිවීමත් සමග විවිධ ව්‍යාපාර ස්ථාන තවත් 20,000ක් වැසී යෑමේ බරපතළ අවදානමක්

විදුලිය බිල ලබන මාසයේදී 70% කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්තශාලා, හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව ඒ ස්ථාන හිමිකරුවෝ පැවසූහ.

විදුලි බිල වැඩිවීමත් සමග නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ අලෙවිය අඩු වීම හේතුවෙන් ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යෑමේ බරපතළ ගැටලුකාරී තත්වයක් මතු වන බවද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විදුලි බිල සියයට 70 කින් වැඩි කිරීමත් හෝටල් සහ ආපනශාලා තවදුරටත් වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බවයි. එසේම විදුලිය බිල ඉහළ යෑමත් සමග තේ කහට කෝප්පයේ සිට සියලුම ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව පැවසූ සභාපතිවරයා හෝටල් සහ ආපන ශාලාවල ශීතකරණවල ආහාර ගබඩා කිරීමටද විදුලි බිල ඉහළ යෑමෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුවන බව පෙන්වා දුන්නේය.

කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් හෝටල් සහ ආපනශාලා පහළොස් දහසක් පමණ මුල් කාලයේ වැසී ගිය බවද අසේල සම්පත් මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් අප තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසුවේ විදුලි බිල වැඩි කිරීම තේ කර්මාන්තයටද තදින්ම දැනෙනු ඇති බවයි.

කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ කර්මාන්තශාලා සහ නිෂ්පාදන ආයතන තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය කාලයේ දී මුළුමනින්ම වැසී ගියේය.

මේ තත්වය සැලකිල්ලට ගෙන කර්මාන්තශාලා ඇතුළු ව්‍යාපාර ස්ථානවල විදුලි බිලට යම් සහනයක් ලබා දෙන්නැයි ඒ ව්‍යාපාර ස්ථාන හිමිකරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *