ඇ. ඩො. බිලියන 200ක මුදලක් අහිමි කරගත් ලෝක ඉතිහාසයේ ප්‍රථම පුද්ගලයා

ලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ඉලෝන් මස්ක් සමත්ව ඇත.

ටෙස්ලා සමාගමේ කොටස් කඩා වැටීමත් සමඟ මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. 2021 වසරේ නොවැම්බර් 4 වැනිදා මස්ක්ගේ මුළු ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 340ක් ලෙස සටහන් විය.

2022 වසරේ ටෙස්ලා කොටස් අගය සියයට 65 කින් පමණ පහත වැටීමත්, මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමත් ඔහුගේ ධනය අඩුවීමට ප්‍රධාන හේතු වී ඇතැයි විදේස් මාධ්‍ය පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *