වියට්නාම මුහුදේදී බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 302න් 152ක් මෙරටට

වියට්නාම මුහුදේදී බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 302න් 152ක් මෙරටට

වියට්නාම මුහුදේදී බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 302න් 152ක් මෙරටට

නොවැම්බර් 8වනදා වියට්නාම වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් පෙරලීමෙන් බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 302 දෙනාගෙන් 152 දෙනෙකු (27) රාත්‍රියේ ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංක්‍රමණිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. (27) රාත්‍රියේ පැමිණි පිරිස අතර පිරිමි 143 දෙනෙකු සහ කාන්තාවන් හත් දෙනෙකු සහ කුඩා ළමුන් පිරිසක්ද වනවා.

වියට්නාම වෙරළාරක්ෂක යාත්‍රා පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් 303 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ අතර, ඔවුන්ගේ යාත්‍රාව කැඩී බිඳී යාමත් සමඟ වියට්නාමය සහ පිලිපීනය අතර මහ මුහුදේ ගසාගෙන යමින් තිබුණා.

අවදානමට ලක්ව සිටි ළමයින් බොහෝ දෙනෙකුද ඒ අතර සිටි බවත් මෙම ශ්‍රී ලාංකිකයන් මියන්මාරයේ සිට කැනඩාව බලා යමින් සිටි බවත් පසුව අනාවරණය වුණා.

කෙසේ වෙතත්, ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු නොඑන ලෙසත්, ඒ වෙනුවට සරණාගතයින් ලෙස තුන්වන රටක නැවත පදිංචි කරන ලෙසත් ශ්‍රී ලාංකිකයන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) ගෙන් ඉල්ලා තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *