ආබාධිතයන් පාවිච්චි කරන උපකරණ 31ක මිල ගණන් 400%කින් වැඩි වෙලා – ගාමිණී වලේබොඩ

ආබාධිතයන් පාවිච්චි කරන උපකරණ 31ක මිල ගණන් 400%කින් වැඩි වෙලා - ගාමිණී වලේබොඩ

ආබාධිතයන් පාවිච්චි කරන උපකරණ 31ක මිල ගණන් 400%කින් වැඩි වෙලා - ගාමිණී වලේබොඩ

රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු, සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31ක මිල ගණන් රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400කින් පමණ වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

මෙම නව බදු සංශෝධන හේතුවෙන් ඇතිවන පීඩා හමුවේ ජනතාවගේ ආයු කාලය වසර පනහක් දක්වා කෙටි වන බවද හෙතෙම සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගසන්නේ මේ රටේ ඇවිදින ඇටසැකිලි බිහි කරන්නදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන බව පැවසූ ගාමිණී වලේබොඩ මහතා ජනතාව වේලක් ඇර වේලක් කා දැඩි පීඩාවකින් ජීවත්වෙන අවස්ථාවක මෙලෙස අසීමිත බදු අය කිරීම අන්ත අසාධාරණ අමානුෂික තීරණයක් බවද සඳහන් කළේය.

බදු වැඩි කිරීමෙන් මිල ගණන් ඉහළ ගොස් ඇති ආබාධිතයන්ගේ උපකරණ අතර විදුලි රෝද පුටු සඳහා භාවිතා කරන බැටරි, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ, සවන් වහල් සඳහා භාවිත කරන බැටරි, බ්‍රේල් ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරුලියන, ඇබකස්, ඇවිදින රාමුව උපකරණය කැතීටර් යනාදීයද වෙතියි ඔහු ප්‍රකාශ කළේය.

රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ විස්සකට වැඩි පිරිසක් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය. වලේබොඩ මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *